සවුන්ඩ් විෂන් පාපන්දු ශූරතා තරගාවලිය මාර්තු 19 සහ 20 කොළඹදී

ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ජාත්‍යන්තර අත්දැකීම් රාශියක් ලබා දුන් සවුන්ඩ් විෂන් (Sound Vision) ආයතනය,තම වසර 16ක ජාත්‍යන්තර අත්දැකීම්ද සමගින් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරය නව මානයන් රැසකට ගෙනයමින් සිටී.
ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ පරිච්ඡේද රාශියකම සංවිධායකයන් වන ඔවුන් පාපන්දු, දැල්පන්දු, ක්‍රිකට් ආදී ක්‍රීඩාවන් රාශියක් තුලින් ගමින් ගමට, නගරයෙන් නගරයට ගොස් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජාත්‍යන්තරයට ගෙනයාමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කර ඇත.
මේ අතර වසර ගණනාවක සිට පවත්වන සවුන්ඩ් විෂන් කැම්පස් ක්‍රිකට් (Sound Vision Campus cricket),කළම්බු සිටි මැරතන් (Colombo City Marathon) ආදී තරගාවලි ප්‍රධාන වේ.
එලෙස සවුන්ඩ් විෂන් ක්‍රීඩා සමාජය (Sound Vision Sports Club)විසින් වසරක් පාසා පවත්වන සවුන්ඩ් විෂන් පාපන්දු ශූරතා තරගාවලිය මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇත.
ලොව වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩා වලින් ප්‍රධානම තැන ගන්නේ පාපන්දු ක්‍රීඩාවයි. ක්‍රීඩාවේ ජනප්‍රියත්වයත් පාපන්දු ක්‍රීඩකයන්ට ජාත්‍යන්තරව ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් නිසා ශ්‍රී ලංකාවෙත් මේ වන විට පාපන්දු ක්‍රීඩාවට කැමැත්තක් දක්වන තරුණ ක්‍රීඩකයන් පිරිසක් බිහි වෙමින් පවතී.                                                                      එයට සවියක් වෙමින් රටේ තරුණ ක්‍රීඩකයන්ට ක්‍රීඩාවෙන් ඉදිරියටම යන්නට සවුන්ඩ් විෂන් ආයතනය වසරක් පාසා පවත්වන සවුන්ඩ් විෂන් පාපන්දු ශූරතා තරගාවලිය මෙවරත් කොළඹ කැම්බල් පාක් හිදී මාර්තු 19 සහ 20 යන දින වලදී කාණ්ඩ හතරක්ක් යටතේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත. මෙම තරගාවලිය විශ්වවිද්‍යාල (Campus), ආයතන (Corporate), වයස 35න් පහල සහ වයස 35න් ඉහල යන කාණ්ඩ ඔස්සේ පැවැත්වෙයි.
මේ සදහා ඔබගේ විශ්වවිද්‍යාලයේ , ආයතනයේ හෝ ක්‍රීඩා සමාජයේ කණ්ඩායම සහභාගී කරවීමට ආරාධනා
කරන අතර ඒ සදහා කැමැත්තක් දක්වන්නේ නම් 0777 8646 86 අංකයට (WhatsApp) පණිවිඩයක්
හෝ දුරකථන ඇමතුමක් ලබා දීමෙන් සහ මුහුණු පොතේ (Sound Vision Entertainment)පිටුවට පණිවිඩයක් යොමු කිරීමෙන් තරගාවලිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත හැක.