ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 12 වටයට. පළමු තරගය හෙට බංගලාදේශයට එරෙහිවයි.

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව
සහභාගී වූ තුන්වන සහ අවසන් තරඟය ඊයේ (22දා) සාජාහිදී පැවති අතර එහිදී නෙදර්ලන්තයට
එරෙහිව කඩුලු 8 ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකාව ලෝක කුසලාන සුපිරි-12 වටයට
පැමිණීමට සමත් විය.
ඒ අනුව අපරාජිතව සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය
24 වැනිදා (හෙට ආරම්භය ප.ව. 3.30) බංග්ලාදේශයට එරෙහිව සාජාහිදී පැවැත්වේ.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලැබූ නෙදර්ලන්ත
පිල ලකුණු 44කට දවාගත් 2014 ලෝක ශූරයන් වූ ශ්‍රි ලංකාව ඕවර 7.1කදී එම ඉලක්කය හඹා
ගොස් ඔවුන්ගේ තෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමත් සමඟ තරගය පැය දෙකක් ඇතුළත
අවසන් විය.
ළහිරු කුමාර සහ වනිඳු හසරංග කඩුලු 3 බැගින් දවාගත් අතර කඩුලු රකින කුසල් පෙරේරා
නොදැවී ලකුණු 33ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව සිය පළමු තරඟ දෙක ජයග්‍රහණය කිරීමෙන් පසුවත් සුපිරි 12 ට සුදුසුකම් ලබා තිබූ
අතර සුපිරි 12 කාණ්ඩයේදී ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය
කොදෙව් සහ බංග්ලාදේශය සමඟ තරග වැදීමට නියමිතව ඇත.
නෙදර්ලන්තය 44 (10.0) , කොලින් ඇකර්මන් (NED) 11 (9)
ළහිරු කුමාර 3/7 (ඕවර 3) වනිඳු හසරංග 3/9 (ඕවර 3)
ශ්‍රී ලංකාව 45/2 (ඕවර 7.1)
කුසල් පෙරේරා (ශ්‍රී ලංකා) 33 (24)

ශ්‍රී ලංකාව සහභාගී වන සුපුරි 12 වටයේ තරග කාලසටහන

ශ්‍රී ලංකාව – බංගලාදේශය 2021-10-24 සවස 3.30
ශ්‍රී ලංකාව – ඕස්ට්‍රේලියාව   2021-10-28 රාත්‍රී 7.30
ශ්‍රී ලංකාව – දකුණු අප්‍රිකාව 2021-10-30 සවස 3.30
ශ්‍රී ලංකාව – එංගලන්තය    2021-11-01 රාත්‍රී 7.30
ශ්‍රී ලංකාව – බ.ඉ.කොදෙව්  2021-11-04 රාත්‍රී 7.30