සුපිරි පිම්මකින් ශ්‍රී ලංකා පිල සුපිරි වටය අරඹයි

සුදුසුකම් ලැබීමේ වටයෙන් අපරාජිතව ගත් පන්නරය දිගටම ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පිල විස්සයි විස්ස ලෝක කුසලාන සුපිරි 12 වටයේ පළමු තරගයෙන්ම බංග්ලාදේශය පරදා කඩුලු පහක විශිෂ්ට ජයක් (24 දා) ලබා ගැනීමට සමත් විය.
සාජා ක්‍රීඩාංගණයේ පිතිකරුවන්ට වාසිදායක තණතීරුවේදී පළමුව පිති ප්‍රහාරය දියත් කළ බංග්ලාදේශ පිල ලබාගත් ලකුණු 171 ක ඉලක්ක හඹා යෑමේදී ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේදීම දැවී ගියේයග කුසල් පෙරේරා එක් ලකුණක් ලබා දැවී ගියේ ඔහු ගැසූ දියාරු පහර ශ්‍රී ලංකා පිලව පීඩනය හසු කරමිනි.
කෙසේ වෙතත් දිගින් දිගටම විශ්වාසය ගොඩ නගා ගනිමින් සිටින චරිත් අසලංක උද්වේගීකර පිති ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 49 කදී නොදැවී ලකුණු 80 ක් ලබා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීයග එහිදී 30 වැනි උපන්දින සාදය අර්ධ ශතකයකින් සැමරූ භානුක රාජපක්ෂ පන්දු 31 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 53 කට දැවී ගියේ ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය ආසන්නයටම තල්ලු කරමිනි.
ලකුණු තත්ත්වය
බංග්ලාදේශය පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 171 යිග (මොහොමඩ් නයිම් 62” ලින්ටන් ඩෑෂ් 16” මුෂ්ෆිකර් රහීම් 57” චාමික කරුණාරත්න 12/1” බිනුර ප්‍රනාන්දු 27/1” ළහිරු කුමාර 29/1 යි)
ශ්‍රී ලංකාව පන්දුවාර 18ග5 කදී කඩුලු 5ට ලකුණු 172 යිග (පැතුම් නිශ්ශංක 24” චරිත් අසලංක නොදැවී 80” භානුක රාජපක්ෂ නොදැවී 53” නසුම් අහමඩ් 29/2” ෂකීබ් අල් හසන් 17/2 )