ශ‍්‍රී ලංකා ලෙජන්ඞ් කණ්ඩායම කාලෙකින් ඉන්දියාවේදී වැඩට බසියි

මාර්ග ආරක්ෂක ලෝක ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා ලෙජන්ඞ්ස් කණ්ඩායම අද (01 දා* අළුයම ඉන්දියාව බලා පිටත්විය. එම කණ්ඩායමට 15 දෙනකු ඇතුළත් අතර ලෝක පූජිත ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වු සනත් ජයසුරිය මෙන්ම රංගන හේරත්ද කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් සංචිතය සඳහා නම් කර සිටි චාමර කපුගෙදර අවසන් මොහොතේ කණ්ඩායමෙන් ඉවත් වුයේ ඔහුට විදේශයක සිට ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වීමෙනි. කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ශ්‍යාම් ඉම්පෙට් කටයුතු කරනු ලබයි.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය ලබන 6 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඞ් කණ්ඩායම සමග පැවැත්වෙන අතර අනතුරුව 8 වැනිදා, 10 වැනිදා සහ 14 වැනිදා ශ‍්‍රී ලංකාව තවත් තරග තුනකට පළමු වටයේදී සහභාගි වේ. උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් ඔස්සේ විශේෂ ගුවන් යානයකින් ශ‍්‍රී ලංකා ලෙජන්ඞ් කණ්ඩායම පිටත් විය.
ශ‍්‍රී ලංකා ලෙජන්ඞ් කණ්ඩායම
සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, චාමර කපුගෙදර, රසල් ආනල්ඞ්, තිලාන් තුෂාර, ෆර්විස් මහරුෆ්, ධම්මික ප‍්‍රසාද්, නුවන් කුලසේකර, රංගන හේරත්, චින්තක ජයසිංහ, දුලංජන විජේසිංහ, අජන්ත මෙන්ඩිස්, මලින්ද වර්ණපුර