මාර්තු 7 කලු ඉරිදාවක්

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව සත්‍ය සාධාරණය ලබාදෙන ලෙස දෙවියන්ට කරන කන්නලව්වක් වශයෙන් ලබන 7 වැනි ඉරිදා කළු ඉරිදාවක් වශයෙන් නම් කිරීමට කතෝලික සභාව තීරණය කර තිබේ. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හා රදගුරු මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. මේ අනුව ලබන ඉරිදා දෙව් මැදුරුවලට පැමිණෙන සියලූම බැතිමතුන් කළු පැහැති ඇඳුමින් සැරසී දෙව් මැදුරුවලට පැමිණිය යුතු බවත් ප්‍රහාර සිද්ධිය පසුපස සිටින ඝාතකයන් හෙළිකර දෙන ලෙස විපතට පත් ජනතාව වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන බවත් කතෝලික සභාව කියා සිටී.