අප්‍රිකානු රටවල් කිහිපයකට යන එන අයට ශ්‍රී ලංකාවෙන් තහනමක්.

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ‘ඔමික්රෝන්’ (Omicron) නම් නව කොවිඩ් ප්‍රභේදය
හේතුවෙන් දකුණු අප්‍රිකාවට සහ ඉන් පිටතට ගමන් කිරීම තහනම් කර හෝ සීමා කර ඇති
රටවල් ගණනාවක් අතරට ශ්‍රී ලංකාවද එක්වී ඇත. ඒ අනුව දකුණු අප්‍රිකාවේ සහ තවත්
අප්‍රිකානු රටවල් කිහිපයක මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කර ඇත.
ඒ අනුව පසුගිය දින 14 තුළ මෙකී තහනම් කර ඇති රටවල් වල සිට ශ්‍රී ලංකාවට පැමිණි ඕනෑම
අයෙකු නිරෝධායනයට ලක් කරන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAA)
ඉල්ලීමක් කර ඇත..
සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසා ඇත්තේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ,
බොට්ස්වානා, ලෙසෝතෝ සහ එස්වාටිනි යන රටවල සංචාරකයින්ට මෙම තහනම පනවා
ඇති බවයි.

නව SARS-COV2 ප්‍රභේදය සම්බන්ධයෙන් ප්‍රථම වරට ලෝක සෞඛ්‍ය සංවිධානයට
නොවැම්බර් 24 වන දින දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ අතර බොට්ස්වානා, බෙල්ජියම,
හොංකොං සහ ඊශ්‍රායලයේ ද මෙම නව වෛරස් ප්‍රෙභ්දය පැතිරී ඇති බවට හඳුනාගෙන ඇත.
එ අනුව දකුණු අප්‍රිකාවට සහ ඉන් පිටතට ගමන් කිරීම තහනම් කිරීමට හෝ සීමා කිරීමට
රටවල් ගණනාවක් දැනටමත් පියවර ගෙන ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මුලින් B.1.1.529 ලෙස නම් කර ඇති මෙම නව විකෘති
ප්‍රෙභ්දය වැළැඳී ඇති රෝගීන් සංඛ්‍යාව දකුණු අප්‍රිකාවේ සෑම ප්‍රදේශයකම වැඩිවෙමින් පවතින
බවයි. තවද එමඟින් තවත් විකෘති ගණනාවක් නැවත ඇතිවීමේ ඉහළ අවදානමක් ඇති බවද
සොයාගෙන ඇත.