ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 05 ට ශ‍්‍රී ලංකාව

ශ‍්‍රී ලංකාව ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 20 න් මුල් 05 අතරට පැමිණ ඇත.

Conde Nast traveler ස`ගරාව විසින් පවත්වනු ලැබූ Readers Choice 2021 ශ්‍රේණිගත කිරීම්වල දී ශ‍්‍රී ලංකාව මෙසේ 05 වැනි ස්ථානයට පත්ව තිබේ.

පළමු ස්ථානයට පෘතුගාලය පත්ව ඇති අතර නවසීලන්තය, ජපානය සහ මොරොක්කෝව යන රටවල් පිළිවෙළින් 02, 03, 04 ස්ථාන හිමි කරගෙන ඇත.

ශ‍්‍රී ලංකාව ලෝකයේ හොඳම සුවතා ගමනාන්තයක් ලෙස ද තෝරා ගෙන තිබේ. ලොව පුරා විසිරී සිටින Conde Nast Traveler ස`ගරාව සිය පාඨකයන්ගේ තේරීම මත මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.

චමින්ද සිල්වා