ශ‍්‍රී ලංකාවේ සාගරයම කුණු ගොඩක් කළ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගෙන්නුවේ කවුද?

Smoke rises from a fire onboard the MV X-Press Pearl container ship off the Colombo Harbour, in Sri Lanka May 25, 2021. Sri Lanka Airforce Media/Handout via REUTERS

මේ දිනවල ශ‍්‍රී ලංකාවේ මුහුදු මායිම් දුෂණයට ලක්කරමින් එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිණිබත් වෙමින් තිබේ. එයින් සිදුවන හානියක කොපමණදැයි මෙතෙක් තක්සේරු කළ නොහැක. කෙසේ වෙතත් එම නෞකාවෙන් වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් නිසා මත්ස්‍ය සම්පතද විනාශ වීමට පටන් ගෙන තිබේ.
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර් එම්.පද්මලාල් කියා සිටියේ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව තුළ ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය විශාල වශයෙන් අන්තර්ගතව තිබීමෙන් ශ‍්‍රී ලංකාවට ඉදිරියේදී දැඩි හානියක් එමගින් සිදුවන බවයි.
නෞකාවේ කාන්දුවීමක් තිබෙන බව එහි කපිතාන්වරයා කල්තියාම දැනුවත්ව ඇති බවත් ඔහු ඒ සම්බන්ධව අදාළ පාර්ශ්ශව දැනුවත් කර ඇති බවත් මේ වන විටත් වාර්තා වී තිබේ. එම නිසා අදාළ කාන්දුව සම්බන්ධව සිදුකරන පරීක්ණවලට නෞකාව ගොඩ බැස්සවීමට ඉන්දියාවට සහ කටාර් රාජ්‍යයේ අවසර ඉල්ලූවද එය ලැබී නැත. නමුත් ශ‍්‍රී ලංකාවට එවැනි නෞකාවක් ඒමට අවසර දුන්නේ කවුද? යන්න දැන් ඇති ප‍්‍රධාන මාර්තෘකාවකි.