ප‍්‍රාදේශීය සභාපති සුනිල් ජයවීරත් කොරෝනාවට බිළිවෙයි

කොරෝනා රෝගය වැළඳීමෙන් අසාධ්‍යව සිටි පඩුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ සභාපති ආර්.පී.ඞී.සුනිල් ජයවීර මහතා ඊයේ (29 දා) මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
ඒ මහතා මිය යන විට 60 වැනි වියේ පසුවිය. වසර ගණනාවක් පඩුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයකු සහ සභාතිවරයකු වශයෙන් කටයුතු කළ සුනිල් ජයවීර මහතා කොරෝනා රෝගය උත්සන්න වීමෙන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ අයි.ඞී.එච්. රෝහලට ඇතුළත් කරන ලදී. එහිදී ඔහු මිය ගොස් ඇත.