කොරෝනාව නිසා ලොව පළමු වරට උඩු ගුවනේ විවාහයක්


ගෝලීය වසංගතය හේතුවෙන් ලොව බොහෝ රටවල් මේ වන විට අඟුලූ දමා තිබේ. මිනිසුන්ගේ දෛනික කටයුතු මෙන්ම අත්‍යඅවශ්‍ය කටයුතුද නවතා දැමීමට එමගින් සිදුව ඇත. කෙසේ වෙතත් කොරෝනා නිසා විවාහය ප‍්‍රමාද කිරීමට අකමැති වූ ඉන්දියාවේ යුවළක් උඩු ගුවනේදී සිය විවාහය සිදුකළ අපූරු පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
ඉන්දියාවේ තමිල්නාඩුව ලොක්ඩවුන් කර ඇති නිසා එහි පදිංචි යුවලක් ස්පයිස් ජෙට් ගුවන් සේවයේ ජෙට් යානයක් කුලියට ගෙන එය බැංගලෝරය දක්වා ගමන් ගනිද්දී සිය විවාහය සිදුකර තිබෙනවා. ලොව පළමු වරට උඩු ගුවනේ සිදුවූ විවාහය වශයෙන්ද මෙය වාර්තා වෙනවා.
විවාහ ගිවිස ගැනීම ඇතුළු සියලූ කටයුතු ගුවන් යානයේදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එම විවාහ උත්සවය සමීපතම නෑ හිතමිතුරන් 160දෙනෙක් සහභාගී වී තිබෙනවා. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් සේවා බළධාරීන් පරීක්ණයක් ආරම්භ කර තිබෙනවා.
ලක්ෂ තුනකට අධික කොරෝනා මරණ ඉන්දියාවෙන් වාර්තා වෙද්දී මෙවැනි දේවල් කිරීම නුසුදුසු බව බව පවසමින් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සේවයද තාවකාලිකව නවතා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.