කොළඹ වරායට සැතපුම් කිහිපයක් තිබියදී ගිණිබත් වන එම්.වී. එක්ස්ප‍්‍රස් නෞකාවේ සිට පාවී ආ භාණ්ඩ එක් රැුස් කළ පුද්ගලයින් කිහිපදෙනකුට ආසාත්මිකතා මතුව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ ආධිකාරියේ සභාපතිවරයා සඳහන් කර සිටියි.
විශාල වශයෙන් ජනතාව අනතුරට පත් නෞකාවේ භාණ්ඩ එක්රැුස් කරන අයුරු දක්නට ලැබුණේ වසංතය පැතිර යෑමේ අවධානමද නොතකාය. එහිදී බොහෝ දෙනකුට මේ වන විට සම මතුපිට බිබිළි දැමීම්, ලප මතුවීම් සහ කැසීම් හටගෙන ඇතැයි වාර්තා වේ.
නෞකාවේ අපද්‍රව්‍ය තවදුරටත් වෙරළට ගසාගෙන එන බවත් එහි ඇති ගින්න නිවා දැමීමට ඉන්දියානු සහ ශ‍්‍රී ලංකා ගිනිනිවන සහ නාවික හමුදාවන් ඒකාබද්ධ මෙහෙයුමක නිරතව සිටියි.