අපි ගොවිතැනින් බිහිවුණු මිනිස්සු – ජනපති

  • රසායනික පොහොර නවත්වන්න කිව්වේ මා දන්නවා අමාරු කාරණයක්

ජනාධිපතිවරයා පසුගිය සතියේ මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කරමින් කුරුණෑගලදී ජනතාව අමතමින් අපූරු කතාවක් කළේය ඔහු එහිදී කියා සිටියේ වසර පහකින් කළ යුතු වැඩ ටික ඉදිරි වසර තුනෙන් කරනා බවයි.
කෙසේ වෙතත් රසායනික පොහොර ප්‍රශ්නය මේ වන විටත් ඔඩු දුවමින් සිටින බැවින් ජනාධිපතිවරයා ගොවියන්ව අමතක නොකරන බවත් එම ගැටලුවට විසඳුම් තියෙන බවත් සඳහන් කර සිටියේය.
“මම රසායනික පොහොර නවත්වන්න කිව්වේ මා දන්නවා අමාරු කාරණයක් ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපිව විශ්වාස කරන්න ආරම්භයේදී යම් කිසි ප්‍රමාද දෝෂයක් තියෙන්න පුළුවන්. නමුත් අපි ඉදිරියට ඒවා සකස් කරගෙන යනවා රැවටෙන්න එපා මම ඔබ වෙනුවෙන් ඉදිරිපත් වුණු ජනාධිපතිවරයෙක්.”
”අපි ගොවියව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. අපි ගොවිතැනින් බිහිවුණු මිනිස්සු අපේ අම්මලා තාත්තලා වගා කරපු මිනිස්සු. මගෙ තාත්තා පාර්ලිමේන්තුවට ආවෙ කුඹුරෙ ඉඳලා. මඩ හෝදාගෙන කියලා එදා ජනතාව අතර ප්‍රචලිත වෙලා තියෙනවා. අපි කවදාවත් ගොවියාව අමතක කරන්නේ නෑ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.