මහ රජාණන්ට රාජකීය පවුලෙන්ම නඩුවක්

රාජකීය පවුලකට එරෙහිව එම පවුලේම සාමාජිකයකු නඩු මගට පිවිසෙන්නේ නම් එය කලාතුරකින් සිදුවන කර්තව්‍යයකි. නමුත් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජකීය පවුලට එරෙහිව නඩු මගට පිවිස ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.
රාජකීය පවුලක සාමාජිකයකු ඔවුන්ගේ මහරාජාණන්ගේ රජයට එරෙහිව නඩුවක් ගොනු කළ පළමු අවස්ථාවද මෙය වේ. මීට වසර දෙකකට පෙර රාජකීය රාජකාරියෙන් ඉවත් වූ හැරී කුමරු වෙනුවෙන් නීතිඥයින් ලිපියකින් මේ බව දන්වා තිබේ. මෙම නඩුව ඉදිරියට ගියහොත් හැරී කුමරු සහ ඇමතිවරුන් අතර සටනක් නිර්මාණය වීමටද ඉඩ ඇතැයි සඳහන් වේ.

උපුටා ගැනීම ඩේලිමේල් වෙබ් අඩවිය