වසංගත පාලනයෙන් ශ්‍රී ලංකාවට දෙවැනි තැන

වසංගත රෝග පාලනය පිළිබඳ නවතම ලෝක සමීක්ෂණයේදී ශ‍්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව තිබේ. චීනයේ  YICAI පර්යේෂණ ආයතනය විසින් කරන ලද පරීක්ෂණයකදී මේ බව වාර්තා වී තිබේ.
සමීක්ෂණයට අනුව වසංගත සාර්ථකව පාලනය කරන ලද රටවල් ලැයිස්තු ගත කර තිබෙන අතර අනුව එම ලැයිස්තුවේ පෙරමුණ ගන්නට චීනයය සමත්වී ඇති අතර දෙවන ස්ථානයට ශ‍්‍රී ලංකාවට හිමිව තිබේ.
ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇති චීනය කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වන අතර වෛරසයේ ව්‍යාප්තිය සහ සිදුවන පුද්ගල මරණ ගණන ද සාර්ථකව පාලනය කිරීමට චීනය මේ වන විට සමත්ව තිබේ.
කොරෝනා වෛරසයේ ආරම්භයත් සමගම කොරෝනා ආසාදිත රටවල් ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවූ චීනය මේ වනවිට එම ලැයිස්තුවේ 44 වන ස්ථානයේ පසුවේ. කොරෝනා ආසාදිතයින් 3,349 ක් වාර්තා වන ශ‍්‍රි ලංකාව එම ලැයිස්තුවේ 139 වන ස්ථානයේ පසුවේ.