ශ්‍රී ලංකාවෙ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් ඉන්දියාවට ආවෙ නැහැ – ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය

රට තුළ උද්ගත වීඇති කළහකාරී තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ ඇති වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම වාර්තා අසත්‍ය සහ අතිශයින්ම සාවද්‍ය බවයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය
වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා පූර්ණ සහයෝගය දක්වන බව සඳහන් කරන ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටින්නේ ශ්‍රී ලංකාව යනු ඓතිහාසික බැඳීම් සහිත සිය සමීප අසල්වැසියෙකු බවයි.