රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට පියවර

රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පස්වරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට නියමිතය.
සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මාර්ග තදබදය වළක්වා ගැනීම හා රාජ්‍ය හා පෞද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු ඇතිව රාජ්‍ය අංශයේ කාර්යාල වේලාවන් සංශා්ධනය කිරීම සදහා පත්කළ කමිටුව එම නිර්දේශය සිදුකර තිබේ.