E-ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරන ලෙසට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඉ-ඉඩම් විද්‍යුත් ක්‍රමය කඩිනම් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණපා සිටින බැවින්, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ඉ-ඉඩම් විද්‍යුත් ක්‍රමය ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දී ඇත. ඉඩම් ලියාපදිංචිය ආශ්‍රිතව ආයතන අතර ඒකාබද්ධතාවක අවශ්‍යතාව අවධාරණය කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒකාබද්ධව කමිටුවක් ස්ථාපනය කර වැඩසටහන කඩිනම් කරන ලෙසට වනජීවි, වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශවලට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.