දිවයිනම නොසන්සුන් කළ සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ දැඩි ප්‍රහාරය

මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය අඟහරුවාදා නිවේදනය කළේය.

මේ අතර රට පුරා අද ඇතිවූ කලහකාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් අට දෙනෙකු ජිවිතක්ෂයට පත්වී 230 දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට රෝහල් වල ප්‍රතිකරලබමින් සිටින බවට පොලිසිය පැවසිය.

මැයි 9 වනදා අරලියගහ මන්දීරයේ පැවති විරෝදතාවයට සහභාගිවී නැවත යමින් සිට පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා නිට්ටඹුවේදී විරෝධතා කරුවන් සමග ඇතිවූ ආරවුලකදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

එම වෙඩිවැඩීමෙන් තුවලලැබූ 27 හැවිරිදි පුද්ගලයකුද මියගොස් ඇති අතර වීරකැටිය ප්‍රාදේශීය සභාපතිවරයාගේ නිවෙස් පරිශ්‍රයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරමුවට පත්වී තවත් පස් දෙනෙකුට තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මේ අතර ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට පැහැර දෙන අවස්ථාවේදී අසනීප වූ සභාපතිවරයා රෝහල්ගතකිර්මෙන් අනතුරුව මිය ගිය බවට පොලිසිය පැවසීය.

මීගමුවෙන් එක් මරණයක් වර්හ්ටවී ඇති අතර කඳුළුගෑස් විදින යන්ත්‍රයක් පිපිරීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්සිටි පොලිස් නිලධාරියකු ඇතුළු තවත් පුද්ගලයකු මියගොස් ඇති බවට රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

පොලිස්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු මුළු දිවයිනටම පොලිස් ඇඳිරිනීතිය මය 9 වනදා පැනවුයේ කොළඹ ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියේ උද්ගතව වූ දැඩි කලබලකාරී තත්ත්වයක් සමගය.