ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ සැකකරුවන්ට ඇප

ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු ව්‍යාපාරිකයා ඇතුළු පිරිස සහ ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු පුද්ගල ඇපමත මුදා හැරීමට හලාවත දිසාවිනිසුරු මංජුල රත්නායක මහතා අද (18 වැනිදා) නියෝග කර තිබේ.
ඒ අනුව ආනවිළුන්දාව අභය භූමිය තුළ ඉස්සන් කොටුවක් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එම සැකකරුවන්ට රුපියල් ලක්ෂ 100 බැගින් වන පුද්ගල ඇපමත මුදා හැරීමට කටයුතු කර ඇත.