කොරෝනා නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු අත්හිටුවයි

රියදුරු බලපත්‍ර ලබාගැනීම, අලු‍ත්කිරීම හෝ ඒ ආශ්‍රිත සියලුම කටයුතු ලබන 31 දක්වා තාවකාලිකව සීමා කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිමට ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව මෙම තීරණය ගෙන තිබේ.
මේ පිළිබඳ විමසීමකදී හෙට සිට (17 වැනිදා) සිට ලබන 31 වැනිදා දක්වා කාලය තුළ වේරහැර රියැදුරු බලපත් ප්‍රධාන කාර්යාලයේ හෝ අනිකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලවල රියදුරු බලපත්‍ර ආශ්‍රිත සේවා ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු කියා සිටි අතර එම කාලය තුළ දැනටමත් දින හා වේලාවන් ලබා දී ඇති සියලු‍ රියැදුරු බලපත් ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණද අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම කාලය තුළ දීර්ඝ කිරීමට නියමිත රියැදුරු බලපත් හා තාවකාලිකව අවලංගු කරන ලද පරීක්ෂණ සඳහා ලබා දෙන විසඳුම පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට කටයුතු කරන බවද
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.