ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන් ගණන තවත් ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ගණන මේ වනවිටදී 22 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අංශ මගින් අද (16 වැනිදා) තවත් කොරෝනා වෛරස ආසාදිතයන් සිව්දෙනකු හඳුනා ගත් අතර ඊයේ (15 වැනිදා) වන විට අදාළ වෛරස ආසාදිතයින් 18ක් හඳුනාගෙන තිබිණි.
අද හඳුනා ගත් රෝගීන් සිව්දෙනාගෙන් එක් අයකු වයස අවුරුදු 13 ක ගැහැනු දරුවකු වන අතර, අනෙක් තිදෙනා අවුරුදු 50, 37 සහ 73 වයසේ පසුවන පිරිමි පුද්ගලයන් බව සොඛ්‍යසේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. එම රෝගීන් අතර මැණික් ව්‍යාපාරිකයකුද වන අතර ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු රෝගය වැළැඳී නිසි ප්‍රතිකාරවලට යොමුවන ලෙස උපදෙස් ලැබී තිබියදීත් එය නොතකා ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවල සැරිසරමින් අවසානයේ කළුබෝවිල මහ රෝහලට පැමිණීමෙන් පසු රෝහල් බලධාරීන් ඔහු අයිඩීඑච් රෝහලට යවා තිබෙන බවද අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.