කොරෝනා වේගවත් වීමෙන් සියලු පාසල් වසා දමන්නැයි ගුරු සංගමය ඉල්ලයි

කොරෝනා ව්‍යාප්තියත් සමග උසස් පෙල විභාගය පැවැත්වෙන සමයේ පාසැල් වල සියලු පන්ති වසා දැමිය යුතු බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

සංගමයේ ප‍්‍රධාන ලේකම් ජොෂප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරසය පාසල් පද්ධතිය තුළ ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ සියලුම සිසුන් පාසලට කැඳවීමට තීරණය කිරීම බවයි.

පෙබරවාරි 7දා උසස් පෙළ විභාගය ආරම්භ කළ පසු විභාග කාල සීමාවේ සියලුම පන්ති වසා දැමීම මගින් කොරෝනා පැතිරීම යම් ආකාරයකට පාලනය කළ හැකි වනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ඉතිහාසයේ කිසිම දිනෙක විභාග පැවැත්වෙද්දී පාසල් පවත්වා නැතැයිද කොරෝනා ව්‍යාප්තියේ ස්වරූපය බලා පාසල් ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් විධිමත්ව සකස් කළ යුතු බවද ඔහු පැවසීය.

මේ ආකාරයට පාසල් පද්ධතිය පවත්වාගෙන ගියොත් ඉදිරියේ භයානක තත්ත්වයක් ඇති විය හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.