20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත බලාත්මක වේ

පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (29 වැනිදා) පෙරවරුවේ කථානායක කාර්යාලයේදී අත්සන් තබා තිබේ. ඒ අනුව කථානායකවරයා ඊට අත්සන තැබීමත් සමඟම 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් ලෙස බලාත්මක වේ.
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය.