ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාවේ දුම්රිය ධාවනය වන්නේ මෙහෙමයි

බස්නාහිර පළාත සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ දුම්රිය ධාවනය පිළිබඳ එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව හෙට (30 වැනිදා) සහ නොවැම්බර් 2 වන දින උදෑසන 5 දක්වා සමස්ථ බස්නාහිර පළාතට ම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් එම කාල සීමාව තුළ දුම්රිය ධාවනය පහත පරිදි වේ.

2020-10-30 සහ 2020-11-01
රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ද බෙලිඅත්ත, ගාල්ලල අලුත්ගම, කළුතර සිට මරදාන දක්වා දල අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ද හලාවත සිට කොළඹ කොටුව දක්වා ද ධාවනය වු කිසිදු දුම්රියක් ඉහත දෙදින තුළ ධාවනය නොවේ.

2020 -10-31
අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් ධාවනය වන දුම්රිය, එම නියමිත වේලාවට ධාවනය කිරීමට කටයුතු සංවිධානය කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පවසයි.