වසර 27 ක් අපරාජිත ප්‍රින්ස්ට මුල්ලේරියාවේදී තැනක් එයි

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උපසභාපති තනතුරට මාධ්‍යවේදී ප්‍රින්ස් ගුණසේකර මහතා තේරී පත්වෙයි. කොටිකාවත්ත ප්‍රාදේශීය සභා කාර්යාලයේ පැවති ඡන්ද විමසිීමේදී ඔහු වැඩි ඡන්දයෙන් තේරි පත්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ප්‍රින්ස් ගුණසේකර මහතා උප සභාපති ලෙස නම්කොට තිබියදී එම පක්ෂයේම හිටපු උප සභාපතිවරයෙකුවන සුමුදු රුක්ෂාන් මහතා තරග කළ අතර එහිදී ඇතිවූ ඡන්ද විමසීමකදී ගුණසේකර මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්වීම විශේෂත්වයකි. බස්නාහිර පළාත් පාලන කොමසාරිස්  ඒ. ඩී. පී. අයි. ප්‍රසන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උප සභාපති තේරීමේ විශේෂ සභා රැස්වීම (15) කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණී.

ගොතටුව මහා විදුහලේ හා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ගුණසේකර මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍යවේදය හදාරා ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අතර දැනට දිනමිණ පුවත්පතේ ක්‍රිඩා ක්‍රිඩා කර්තෘවරයා ලෙද කටයුතු කරයි. ලොව පුරා පැවැත්වෙන විවිධ අන්තර්ජාතික ක්‍රීඩා උත්සව ආවරණය කරමින් රටවල් 50ක පමණ ඒ මහතා සංචාරය කොට ඇත. ඔහු වසර 27ක් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටී.