රැජින දැඩි තීන්දුවක් ගනියි

වසර ගණනාවකට පසු එංගලන්ත රැජින සාම්ප්‍රදායික නත්තල් දිවා භෝජන උත්සවය මෙම වසරේදී නවත්වා තිබේ. කෝවිඩ් වසංගතය අතරතුර පැතිර යන ඔමික්ක්‍රෝන් වෛරසය ව්‍යාප්ත වීමෙන් මෙම තීරණය රැජින විසින් ගෙන ඇත්තේ වෛද්‍ය උපදෙස්ද පිළිපඳිමිනි.
රාජකීය පවුලේ සියලු දෙනා වෙනුවෙන් වාර්ෂිකව පවත්වන නත්තල් දිවා භෝජනය ලොව කාගෙත් අවධානයට පාත්‍රවන උත්සවයකි. 95 වැනි වියේ පසුව රැජින සිය ස්වාමිපුරුෂයා මිය යාමෙන් පසුව නත්තල් දිවා භෝජනය නවතා දමන පළමු අවස්ථාවද මෙය වේ.
එංගලන්තයෙන් මේ වන විට දෛනිකව කෝවිඩ් සහ ඔමික්ක්‍රෝන් රෝගීන් 90000 ක් පමණ වාර්තා වේ. පසුගිය බඳාදා රෝගීන් 80000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවීමෙන් පසුව රැජින මෙම දැඩි තීරණය ගෙන තිබේ.