සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම වත්මන් රජයේ අරමුණයි

ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම නව රජයේ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. ජනතාව වත්මන් රජයට විශාල ජන වරමක් ලබාදුන් බවත්, කිසිදු බලවේගයකට යටත් නොවී රටේ ස්වෛරීත්වය, ආරක්‍ෂා කරගෙන ඉදිරියට ගෙන යෑමට වගකීමක් පැවරී තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජාති ආගම් පක්‍ෂ බේදයෙන් තොරව රට ඉදිරියට ගෙන යෑමට අවස්ථාවක් ලැබී තිබෙන බවත්, ඒ සඳහා සියලුම දෙනාට එකතු වන ලෙසට ආරාධනා කරන බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය. නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා එසේ කීවේය.