ගුවන්තොටුපොළ හෙට සිට විවෘත වේ

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතු සඳහා හෙට (26 වැනිදා) සිට යළි විවෘත කිරීමට නියමිතය. ඒ අනුව වාණිජ සහ භාණ්ඩ ප්‍රවහන ගුවන් යානාවලට මෙරට ගුවන්තොටුපොළට පැමිණීමට සහ පිටවීමට හෙට සිට අවසර හිමිවේ.