පොහොර ගෙනාවෙ අපිද ? ඩොලර් මිලියන 6.7 පොහොර නැව ගෙන්වපු අයගෙන්ම අයකර ගන්න – රාජ්‍ය අමාත්‍ය දයාසිරි කියයි

මෙරටදී සිදුකරන ලද පරීක්ෂණ වලින් අනතුරුව අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට තහවුරු වූ චීන
කාබනික පොහොර නැව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අදාළ චීන සමාගමට ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට
සිදුව තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා
පවසන්නේ මෙරටට එම පොහොර නැව ගෙන්වීමේදී වරද සිදුකළ පුද්ගලයන්ගෙන්ම එම සමාගමට
ගෙවීමට තීරණය කළ ඩොලර් මිලියන 6.7 ක මුදල අයකර ගත යුතු බවයි.

එසේම වර්තමානයේදී මෙරට ඩොලර් අර්බුදයට මුහුණ පා ඇති අවස්ථාවක එවැනි මුදලක් ගෙවීම රටේ
ආර්ථිකයට තවත් බලපෑම් එල්ල වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට තහවුරු වීමෙන් පසු ශ්‍රී
ලංකාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු චීන පොහොර නැව වෙනුවෙන් චීන කාබනික පොහොර සමාගමට
ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි .

අර්බුදයකට තුඩු දී ශ්‍රී ලංකා මුහුදු තීරයේ නවතා තැබූ චීන පොහොර නැව නැවත චීනයේ සමාගම වෙත
ගෙන යාමට එකඟතාවයකට පැමිණ ඇතැයිද එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.