ලක්‍ෂ තුනේ ගොඩනැඟිල්ලේ ගණිකා නිවාසය වටලයි

දෙහිවල ඇල්ෆඞ් හවුස් ප‍්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමේ කාන්තාවන් රුපියල් පන්දහසක මුදලකට අලෙවි කළ ගණිකා මඩමේ කළමනාකාරිය ඇතුළු කාන්තාවන් දසදෙනකු 24 දා රාත‍්‍රියේ අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය පවසයි.

කළමනාකාරිණිය වයස අවුරුදු 60ක කඳාන ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. මුදලට අලෙවි වූ කාන්තාවන් අවුරුදු 27, 32, 33, 41, 42, 52 යන වයස්වල පසුවන ඕපනායක, ගොකරැුල්ල, අත්තිඩිය, කැලණිය, පිලියන්දල, නුවර, මාතර යන ප‍්‍රදේශවල පදිංචි විවාහකයන් බව පැවසෙයි.

ගණිකා මඩම පවත්වා ගෙන ගිය ගොඩනැගිල්ල මසකට රුපියල් ලක්ෂ තුනහමාරකට කුලී පදනම මත ලබාගත් ස්ථානයක් බව පොලිසිය පවසයි.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත‍්‍රි, කොළඹ දකුණ එක පොලිස් අධිකාරි සමන් ජයසේකර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා, උප පොලිස් පරීක්ෂක මනතුංග, පොලිස් සැරයන් (3267* වසන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන (81003* අමිත්, (22929* සිල්වා, (24983* කුමාරසිංහ, (97149* සිරිවර්ධන, කාන්තා පොලිස් කොස්තාපල්වරුන් වන (12419* හේරත්, (12432* සෙව්වන්දි යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

දෙහිවල බී. ගෝමස්