ෂාෆිට එරෙහි නඩුව කල් යයි

සිසේරියන් සැත්කම් සිදුකර මව්වරුන් වඳභාවයට පත් කළ බවට චෝදනා ලැබූ වෛද්‍ය ෂාෆි ශියාබ්දීන් මොහමඞ්ට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු විභාගය අද (11) විභාගවීමට නියමිතව තිබුණත් චූදිත වෛද්‍යවරයා අධිකරණය හමුවේ ඉදිරියේ පෙනී නොසිටි බැවින්, අතිරේක මහෙස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නැවත නඩු විභාගය 2021 ජුනි 18 වැනිදාට කල්තැබීය.