පළාත් සභා ඡන්දය ඉක්මන් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

ඉදිරි පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඊට අවශ්‍ය නීතිමය කටයුතු පිළිබඳ සොයා බලන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් දී තිබේ. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා අගමැතිවරයා අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවේ දී මෙම උපදෙස් ලබා දී තිබේ.