බ්‍රැන්ඩෙක්ස් කම්හලේ කොරෝනා පොකුර 1500ට නගී

මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් කම්හලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන අද (14 වැනිදා) උදෑසන වන විට 1591 ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඉන් ආසිදිතයින් 1036ක් එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර අනෙක් පුද්ගලයින් 555 දෙනා එම කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බවට වාර්තා වේ.
මේ අතර, නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පුද්ගලයින් 379 දෙනෙකු අද නිවෙස් බලා යෑමට නියමිත අතර මේ වන විට තවත් පුද්ගලයින් 52,090 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති අතර තවත් පුද්ගලයින් 9,905 දෙනෙකු මධ්‍යස්ථාන 84ක් තුළ නිරෝධායනය වෙමින් සිටින බවට වාර්තාවේ.