අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කරයි

ආහාර ද්‍රව්‍ය කිහිපයක ආනයනික බදු ඉවත් කිරීමට රජය පියවරගෙන තිබේ. ඒ අනුව
එලෙස ආනයනික බදු ඉවත් කිරීම හේතුවෙන් ඊයේ රාති‍්‍රයේ සිට ටින් මාළු ලොකු ටින් එකක් රුපියල් 200 කටත්, බී ලූණු කිලෝවක් රුපියල් 100 කටත්, සීනි කිලෝවක් රුපියල් 85 කටත් මිලදී ගත හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. තවද ආනයනික බදු ඉවත් කළ අදාළ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500 කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝවක් රුපියල් 150 කට මිලදී ගැනීමට හැකි පරිදි විධිවිධාන සලසා තිබෙන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටී.