ජාතික රෝහලේ හෙදියකට කොවිඩ්

ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ. ඒ අනුව මෙම හෙදිය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයකට අනියුක්තව සේවයේ නියුතු අයෙක් වන අතර ඇයට මෙම කොරෝනා වෛරසය කෙලෙස ආසාදනය වුවාද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරුවී නොමැත.