මැතිවරණ ප්‍රචාරක කටයුතු 02 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මහ මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අගෝස්තු 02 වැනිදා මධ්‍යම රාත්‍රී 12 න් අවසන් බව මැතිවරණ කොමිසම පවසයි. එදින රාත්‍රී 10 සිට ප්‍රචාරක යන්ත්‍ර භාවිත කිරීම තහනම් බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඒ අනුව මැතිවරණය වෙනුවෙන් සිදුකරන අවසන් රැස්වීම් අගොස්තු 02 දා අවසන් කළ යුතුය. එසේ වුවද ගෙයින් ගෙට යෑම සහ අත්පත්‍රිකා බෙදීම අගොස්තු 03 වැනිදා සිදු කිරීමට හැකියාව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඡන්ද පෙට්ටි රැගෙන යන 04 වැනිදා කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු නොකළ යුතු බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටී.