ළමා අපචාරවලට එරෙහිව පවතින නීතිය සංශෝධනයට පියවර

ළමා අපචාර සිදුකරන පුද්ගලයන්ට එරෙහිව පවතින නීතිය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. වරදකරුවන්ට එරෙහිව පවතින නීති ප්‍රමාණවත් නොවන බැවින් ළමා අපචාරකරුවන්ට එරෙහිව පවතින නීතිය දැඩි කළ යුතු බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ළමා හිතකාමී සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වන අරමුණු තුනක් සාක්ෂාත් කර ගැනීම, ඵලදායී හා කාලෝචිත ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම පොලිසිය හරහා සිදු කරවීම කෙරෙහි ආරක්‍ෂක අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. 2015 සිට 2019 දක්වා කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 47,177 ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බවට හෙළිවී තිබේ. ඊට අමතරව 1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඇමතුම් අංකයට වාර්ෂිකව පැමිණිලි 550,000 ක් ලැබී ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි