ප්‍රධාන පෙළේ පාතාල නායකයින් දෙදෙනකුගේ ගෝලයෝ පිරිසක් අත්අඩංගුවට

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු ඇතුළු දෙදෙනකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත. දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ අයෙක් බව හෙළිවී තිබේ. කෙසෙල්වත්ත දිනුක සමග සමීප සබඳතා පැවැත්වූ අයෙකු ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මොවුන්ට එරෙහිව අධිකරණවල අපරාධ රැසක් සම්බන්ධයෙන් නඩු පවරා තිබෙන බව පොලිසිය පවසයි