රාජාංගණයේ තැපැල් ඡන්ද විමසීම හෙට සිට

රාජාංගණයේ තැපැල් ඡන්ද විමසීම හෙට (29 වැනිදා) ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.පවුල් 19 කට හැර සෙසු අයට අදාළ තැපැල් ඡන්ද භාවිතා කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එසේම එම පවුල් ලබන 04 වැනිදාට පෙර නිරෝධායන කටයුතු අවසන් කළහොත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදෙන බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටී. කොවිඩ් 19 ආසාදිතයන් හමුවීමත් සමග රාජාංගණය තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම තාවකාලිකව අත්හිටුවා තිබිණි.