ගිය වසරේ පමණක් මත්පැන් බලපත්‍ර 150ක් නිකුත් කරලා

පසුගිය 2021 වසරේ මත්පැන් බලපත්‍ර 150ක් නිකුත් කර ඇති අතර ඉන් බලපත්‍ර 81ක් සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ ආපනශාලා සඳහා නිකුත් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම සුපිරි වෙළඳසැල් සඳහා බලපත්‍ර 69ක් නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ 2015 වසරේ සිට නගරවල සාමාන්‍ය මත්පැන් අලෙවිසැල් සඳහා එකදු බලපත්‍රයක් හෝ නිකුත් කර නොමැති බවයි.
මේ අතර ෆේස්බුක් හරහා ප්‍රචාරණය කරමින් නීතිවිරෝධී අයුරින් විදෙස් මත්පැන් අලෙවි කරන ජාලයක්ද බත්තරමුල්ල ප්‍රදේශයේදී නීතියේ රැහැනට හසුකර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා සමත් විය. රුපියල් ලක්ෂ 2ට අධික වටිනාකමකින් යුත් විවිධ වර්ගයේ විදෙස් මත්පැන් බෝතල් තොගයක් එහිදී සුරාබදු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබුණි.