Wednesday, January 15, 2025
Home Headlines එක්සත් ජාතික පක්ෂයේ පළමු ඔන්ලයින් සමුළුව අද

එක්සත් ජාතික පක්ෂයේ පළමු ඔන්ලයින් සමුළුව අද

එක්සත් ජාතික පක්ෂයේ 75වන සංවත්සරයට නිමිත්තෙන් පවත්වන “ඔන්ලයින් සමුළු” මාලාවෙි ආරම්භක සමුළුව අද (17දා) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භක ඔන්ලයින් සමුළුව ඇමතීමට නියමිත අතර ජාතික යොවුන් පෙරමුණ මෙම වැඩසටහන සංවිධාන කරයි.

මෙම ඔන්ලයින් සමුළුව සඳහා සූම් තාක්ෂණය ඔස්සේ මෙන්ම ෆේස්බුක් සහ යූටියුබ් මාර්ගයෙන් ද සම්බන්ධවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

මෙවැනි ඔන්ලයින් සමුළු 75ක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙි.