ඩෙල්ටා ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කිරීමේ අවධානය 70% කින් වැඩි වෙයි

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කෝවිඞ් 19 වෛරසයේ අලූත් ප‍්‍රභේදය වන ඩෙල්ටා වෛරසය ශ‍්‍රී ලංකාව තුළ ශීග‍්‍රයෙන් පැතිර යෑමේ අවධානමක් මතුව තිබේ. වෛද්‍යවරුන් පවසන අන්දමට 70% කින් එම අවධානය මේ වන විට වැඩිවී තිබේ.
මේ වන විට සමස්ත ශ‍්‍රී ලංකාව පුරා ඇති ඇදිරිනීතිය ඉවත් කර තිබුණද අදාළ වෛරසය පැතිර ගියහොත් යළිත් රට වසා දැමීමට සිදුවනු ඇතැයි වෛද්‍යවරුන් අනතුරු අගවා තිබේ.
ඒ අනුව සංචරණ සීමා ලිහිල් කළද ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව සිය රාජකාරි කටයුතු කිරීම ඉතාමත් වැදගත් බව රජයේ වෛද්‍යවරුන් පෙන්වා දෙති.
ඉදිරි මාස දෙක තුළදී ඩෙල්ටා ප‍්‍රභේදය ව්‍යාප්තවන අතර ඒ අනුව ජනතාව නිසි මාර්ගපදේශ පිළිපැදිය යුතු බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.