ශ‍්‍රී ලංකා මලල කී‍්‍රඩාවට Ceylon Sports අනුබද්ධ “BELIEVE” වෙතින් සත්කාරයක්

ඉන්දියාවේ පැවැත්වෙන 60 වැනි අන්තර් ප‍්‍රාන්ත මලල ක‍්‍රීඩා ශූරතාවලියට පිටත්ව ගිය ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමට Ceylon Sports අනුබද්ධ “BELIEVE” ක‍්‍රීඩා ඇගලූම් නිෂ්පාදන විසින් අනුග‍්‍රාහකත්වය ලබාදී තිබේ.
කෝවිඞ් වසංගතය හමුවේ අනුග‍්‍රාකයන් සොයා ගැනීමට නොහැකිව සිටි වකවානුවක Ceylon Sports අනුබද්ධ “BELIEVE” ක‍්‍රීඩා ඇඳුම් නිශ්පාදන විසින් මෙම සත්කාරය කිරීම අගය කළ යුතුය. මේ සම්බන්ධව ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාද විශේෂ ස්තුතිය පුද කර තිබේ.
ඉදිරියේදී නිල වශයෙන් හඳුන්වාදීමට නියමිත දේශී ක‍්‍රීඩා ඇගලූම් සන්නාමයක් වන “BELIEVE” Ceylon Sports අනුබද්ධිතව ක‍්‍රියාත්මක වේ.