ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉල්ලීම්වලට ආණ්ඩුව සිදු කරන්නේ කල්මැරීමක් – මහින්ද ජයසිංහ මහතා

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම්වලට විසඳුම් ලබාදීම සඳහ කමිටු පත්කරමින් ආණ්ඩුව සිදු කරන්නේ කල්මැරීමක් පමණක් යැයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.

මේ වන විටත් සුබෝධනී කමිටු වාර්තාව රජයට ඉදිරිපත් වී තිබෙන බවත් ඒ අනුව කටයුතු කිරීම වෙනුවට රජය මගින් තවත් කමිටු පත් කරමින් සිටින්නේ ගැටලූව මඟහැර යෑමට යැයිද ඒ මහතා කීවේය.

තම ගැටලූවලට විසඳුම් ලබාදීම සඳහා පත්කර තිබෙන කැබිනට් අනු කමිටුව වෘත්තීය සමිති වෙන වෙනම ගෙන්වා සාකච්ඡුා කරන බව ප‍්‍රකාශ කර ඇතත් එසේ කැඳවීමක් ලදහොත් වෘත්තීය සමිති 30ක සාමාජිකත්වය දරන ගුරුවරු විදුහල්පති සන්ධානය එක්ව සාකච්ඡාවට යන බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.

කෙසේ වෙතත් තම ගැටලූවලට විසඳුම් ලබා දෙන තෙක් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත්වීම ඇතුළු ගෙන තිබෙන වෘත්තීය ක‍්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට තීරණය කර තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.