ත්‍රිරෝද රථ මීටර සවි කිරීම ලබන 1දා සිට බස්නාහිරෙන් ඇරැඹෙයි

මෙරට තුළ ධාවනය කරන කූලී ත්‍රිරෝද රථ සඳහා මනු හෙවත් මීටර සවි කිරීමේ වැඩපිළිවෙල පෙබරවාරි මස පළමු වනදා සිට බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසයි.
කුලී රථවලට මීටර විකිණීමේදී සහ ඒවා සවිකිරීමේදී අනුමැතිය ලබාගත් වෙළෙඳ ආයතනවලට පමණක් ඒ සඳහා අවසර ලැබෙන බවත් එසේ නොවන ආයතන වෙතින් කුලී රථ මීටර ලබා නොගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ත්‍රීරෝද රථ හිමියන්ට දැනුම් දෙයි.
කූලී රථ මීටර ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම හෝ විකිණීමට පෙර ඒවා භාවිතයට සුදුසු බව පරීක්ෂා කරන ලද මාදිලි අනුමැතිය දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතු බවද එහි අධ්‍යක්ෂ එස්.එන් අකුරන්තිලක මහතා ප්‍රකාශ කරයි.
කුලී රථවල මීටර විකිණීමටත් සවිකිරීමටත් අවසර ලැබෙන්නේ මාදිලි අනුමැතිය ලබාගත් වෙළෙඳ ආයතනවලට පමණක් වන අතර එසේ නොවන ආයතන වෙතින් කූලී රථ මීටර ලබා නොගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කූලී රථ මනු පරික්ෂා කිරීම සඳහා ජංගම කුලී රථ මනු සේවා මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගන්නා බවද මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. එසේම අනුමත කූලී රථ මීටර සඳහා හදුනාගැනීමේ ස්ටිකරයක් ඇලවීමටත් පියවර ගන්නා බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම මීටර පරික්ෂා කිරීමට ජංගම සේවා මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගන්නා අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජංගම සේවා මධ්‍යස්ථාන පිහිටුවා ඇති ස්ථාන සහ එම සේවය ක්‍රියාත්මක වන දින පහත දැක්වේ.
ලබන මාසයේ දිනයන් වලදී එම සේවාවන් ලබා ගැනීමට නොහැකි කුලී රථ රියදුරන්ට මාර්තු මාසයේ මුල සිට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සඳුදා දින පැවැත්වෙන මහජන දිනයන්හි මෙම සේවාව අඛණ්ඩව ලබාගත හැකිවනු ඇත.

මීට අදාළව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.