අද සිට මංතීරු නීතිය තිතට

මංතීරු නීතිය අද සිට දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසයි. පසුගිය 14 වැනිදා සිට සතියක කාලයක් පෙරහුරුවක් ලෙස මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීම ආරම්භ වූ අතර එහිදී ලබාගත් තොරතුරු සහ දත්ත මත පදනම්ව අද සිට මංතීරු නීතිය කි‍්‍රයාත්මක කෙරෙන බව පොලීසිය වැඩිදුරටත් කියා සිටී. ඒ අනුව පෙරවරු 6 සිට 9 දක්වා සහ පස්වරු 4 සිට රාතී‍්‍ර 8 දක්වා කොළඹ ප‍්‍රධාන මාර්ග 4 ක් කේන්‍ද්‍ර කර ගනිමින් මංතීරු නීතිය කි‍්‍රයාත්මක වේ.
මේ අතර බස් ප‍්‍රමුඛතා මංතීරුවේ තී‍්‍රරෝද රථ සහ යතුරු පැදි සදහා වැඩි ඉඩක් ලබාදීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් සිය විරෝධය පළ කරන අතර ඔවුන් පෙන්වා දෙන්නේ බස් ප‍්‍රමුඛතා මංතීරුව තුළ බස් රථවලට පමණක් ධාවනය කිරීමට ඉඩ දිය යුතු බවය. කෙසේ වෙතත් මංතීරු නීතිය නිසි පරිදි කි‍්‍රයාත්මක වන්නේ දැයි ඩ්‍රෝන කැමරා සහ සී සී ටී වී දර්ශන මගින් නිරීක්‍ෂණය කරනු ලබන අතර එහිදී ලබාගන්නා තොරතුරු මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබාදී අදාළ රියදුරන්ට එරෙහිව පියවර ගැනීමට නියමිතය. ඒ අනුව මෙම සතියේදී නීතිය උල්ලංඝණය කරන්නන්ට දඩ නියම කිරීමක් හෝ අධිකරණ ක‍්‍රියාමාර්ග නොගන්නා බවත් නෛතික පියවරක් ලෙස රියදුරන් කැඳවා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටී.