රාජ්‍ය ව්‍යාපාර සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාමික වයස 62 වෙයි

රාජ්‍ය ව්‍යාපාර සේවකයිින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 තෙක් දීර්ඝ කළ බවට මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහෙත් කිසියම් සේවකයකුට වයස 57න් පසුව අභීමතය පරිදි විශ්‍රාම යා හැකි අතර ඒ පිළිබඳව මාස 03කට පෙර දැනුම් දිය යුතු බවද එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම කාර්යක්ෂමතාව සහ කාර්යසාධනය සතුටුදායක නොවන නිලධාරියකුට වයස අවුරුදු 57න් ඔබ්බට සේවාදීර්ඝ කිරීමක් ලබානොදීමට පත්වීම් බලධාරියා තීරණය කරන්නේ නම් ඒ පිළීබඳව මාස 06කට පෙර සේවකයාට දැනුම්දිය යුතු බවද එහි සඳහන්වේ. එවැනි අවස්ථාවක නිලධාරියාට පත්වීම් බලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාවද පවතී.