මෙරට කොරෝනා මරණ ගණන 150ට කිට්ටු වෙයි

තවත් කොරෝනා ආසාදිතයන් 515ක් අද (13 වැනිදා) හඳුනාගෙන තිබේ. ඒ අනුව
මෙරටින් අද හඳුනා ගත් එම ආසාදිතයන් පිරිසක් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 32650 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 489 දෙනකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව පූර්ණ සුවය ලැබූ ආසාදිත සංඛ්‍යාව 23793 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර කොරෝනා ආසාදනයතවත් රෝගීන් දෙදෙනකු ඊයේ (12 වැනිදා) මරණයට පත්වූ අතර එම මරණ දෙකත් සමඟ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව ද 149ක් වේ.
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් රෝගීන් 8682 දෙනකු රෝහල්ගතව වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය යන සඳහන් කරයි.