මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 10600 පසුකරයි

ඊයේ (31 වැනිදා) දිනය තුළ මෙරටින් නව ආසාදිතයින් 239 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 10,663 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදතයින් අතර පෑලියගොඩ සහ ධීවර වරායන්වල ආශ්‍රිතයින් 180 දෙනෙකු වන වාර්තා වේ. සෙසු ආසාදිතයින් 59 දෙනා නිරෝධායන මධ්‍යස්ථාවලින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 7,185 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර ඊයේ දිනයේ ආසාදිතයින් 117 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවයාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 4,399 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව ආසාදිතයින් 6,244 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි