මෙරට කොරෝනා මරණ 22ක් වාර්තා වෙද්දී 5000ක් සුවය ලබයි

අද (02 වැනිදා) උදෑසන වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව අද වන විට පුද්ගලයින් 5249ක් පූර්ණ සුවය ලබා ඇති අතර, මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 11,060ක් ලෙස වාර්තා වේ.
මේ අතර රෝහල්ගත ආසාදිතයින් ගණන 5,789ක් වන අතර මෙරට 22 වන කොවිඩ් මරණය ද අද වාර්තා විය.